Ad

ස්වයං නිරෝධනය අවසන් වු විදේශිකයින් 04 මෙරටින් පිටත්ව යති...



බද්දේගම  පොලිස් බල  ප්‍රදේශයේ පිහිටි හෝටලයක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ප්‍රංශ හා එංගලන්ත ජාතිකයින් සිවු දෙනෙකු  ස්වයං නිරෝධායන කාලය අවසන් විමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ නිර්දේශය මත  ඔවුන්  මෙරටින් පිටත්ව ගිය බව බද්දේගම පොලීසිය පවසයි.

මේ වනවිට බද්දේගම පොලිස් බල ප්‍රදේශය තුල   විවිධ රටවල සිට පැමිණි පුද්ගලයින් 25 දෙනෙකු සිය නිවෙස්වලට වි ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බව ද   පොලිසිය පවසයි.

මෙකි පුද්ගලයින් පොලීසියේ ලියාපදිංචි වි ඇති අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හා පොලිස් නිලධාරින්ගේ අධික්ෂණය යටතේ මොවුන් නිවෙස්වලට වි ස්වයං නිරෝධයනයට ලක්වෙමින් සිටින බවද පොලීසිය පවසයි.

 මේ අයගෙන් ඇතමුන්ගේ නිරෝධායන කාලය අවසන්වි ඇති බවද පොලීසිය පවසයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.