Ad

“රෝහල් මුඛ ආවරණ සොරකම් කරනවාට” චෝදනාවක්...!



කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා තවත් වෛද්‍ය සැපයුම් එක්සත් ජනපද ප්‍රාන්තයන් ඉල්ලා සිටින අවස්ථාවක එයට විසඳුමක් සෙවීම පසෙක ලා රෝහල් විසින් මුහුණු ආවරණ සොරකම් කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පදනම් විරහිත චෝදනාවක් කළේය.

ඉරිදා වන විට එක්සත් ජනපදයේ කොරෝනා වෛරස සිද්ධීන් 140,000 කට ළඟා වූ නමුත්, ජනාධිපති ධවල මන්දිරයේ රැස්ව සිටි වාර්තාකරුවන්ට පැවසුවේ රෝහල් වලින් මෙතරම් මුඛ ආවරණ ඉල්ලීම සැක සහිත බවයි.“එහෙම ලොකු ඉල්ලුමක් මතු වෙන්නෙ කොහොමද? මට විශ්වාසයි ඔවුන් මුඛ ආවරණ සොරකම් කරන බව” ඔහු පැවසීය.

“නිව් යෝර්ක්හි ආණ්ඩුකාර කියෝමෝ, නගරාධිපති ඩි බ්ලැසියෝ, වෙනදාට මුහුණු ආවරණ 10,000ක් පමණක් ඉල්ලන නිව් යෝක් රෝහලෙන් දැන් 300,000ක් ඉල්ලන්නෙ ඇයි කියලා සොයා බලන්න” ඔහු අවධාරණය කළේය.

සෞඛ්‍ය සේවකයින් ජීවිත අවධානම නොසලකා කැපවී සිටින අවසථාවක තමන්ගේ පාලනාධිකාරය ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට නොහැකි වීමේ අසාර්ථක කමත් සෞඛ්‍ය සේවාව මත පැටවීමට ට්‍රම්ප් විසින් උත්සහ දරන බවත්, මෙම වසංගතය මෙතරම් දුරක් යාමට ඔහු ප්‍රධාන හේතුවක් වූ බවත් එරට ජනතාව බපවසන බව වාර්තා වේ

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.