Ad

ඉතිහාසයේම දේශපාලනය නොවූ BOC යේ ලොකු පුටු 2ක් හෙළවෙයි.


ලංකා බැංකුවේ මහා කළමනාකරු සහ ප්‍රධාන විධායක නිලධාරි යන ස්ථිර තනතුරු දේශපාලනීකරණය කිරීමට එරෙහිව අද (02) දහවල් කෑම එම බැංකු දෙකේ ප්‍රධාන කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

රාජ්‍ය බැංකුවල මහා කළමනාකාර හා ප්‍රධාන විධායක නිලධාරි යනු බැංකුවේ ස්ථිර තනතුරක් බව හා මෙම තනතුරු බැංකුවේ උසස්වීම් ලබා ඉදිරියට පැමිණෙන පිළිගත් සුදුසුකම් සහිත තනතුරු වේ. 

මෙම තනතුරු ඉතිහාසයේ කිසිම දිනක දේශපාලඥයන් විසින් පත්කර නොමැති බව පැවසේ.

විසඳුමක් නොලැබුණොත් දැවැන්ත වැඩ වර්ජනයක්

මෙම බැංකු දෙකේ මහා කළමනාකරු සහ ප්‍රධාන විධායක නිලධාරි යන තනතුරු දරන නිලධාරීන් මුදල් අමාත්‍යාංශය මගින් ඉවත් කර ඇති බවද මෙම ප්‍රශ්නයට හෙට වන විට විසඳුමක් නොලැබුණහොත් මීට වඩා වැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹෙන බව හා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීම සඳහා දැවැන්ත වැඩ වර්ජනයකට යෑමට සූදානම් බවද ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා පවසයි.

දැනට මේ සම්බන්ධයෙන් ජනාධිපති සහ අගමැති යන දෙදෙනාටම සංගමය මගින් ලිඛිතව කරුණු දක්වා ඇති බවත් ඒ අනුව සාකච්ඡුාමය විසඳුමක් ලැබුණහොත් ඒ අනුව වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධව ගෙන ඇති තීරණ වෙනස් කරන බව හෙතෙම පවසයි.

මේ ප්‍රධාන විධායක නිලධාරි හා මහා කළමනාකාර තනතුර කැබිනට් මණ්ඩලයෙන් තීන්දු ගෙන පත්කිරීමට නොහැකි බව ඒ මහතා සදහන් කරයි. 

පසුගිය ආණ්ඩුවේ වැරද්දක් නිවැරදි කළා  

පසුගිය ආණ්ඩුව සිදුකළ වැරද්දක් නිවැරදි කරමින් ලංකා බැංකුවේ මහා කළමනාකාර ධූරයට එහි ජාත්‍යන්තර අයෝජන හා භාණ්ඩාගාර කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුගත් ගුණසේකර මහතා පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිළධාරියෙකු අප සමග පැවසීය.

පසුගිය 2018 වසරේ මෙම ධුරය සඳහා නම් තුනක් යෝජනා බවද එම තිදෙනාගෙන් එම තනතුර සඳහා ඉහළම සුදුසුකම් සපුරා තිබුණේ සුගත් ගුණසේකර මහතා බවද ඒ මහතා සදහන් කළේය.

වසර 40 ක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන සුගත් ගුණසේකර මහතා ලංකා බැංකු ඉතිහාසයේ ලිපිකරුවෙකු ලෙස සේවයට එක්ව මහා කළමනාකාර ධූරයට පත්වන පළමුවැන්නා ලෙසද වාර්තා වේ. 

ලංකා බැංකුවේ මහා කළමනාකාරවරුන් දෙදෙනා මුදල් අමාත්‍යංශයේ උපදේශකවරුන් ලෙස පත් කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.