දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කොරෝනා වෛරසය ව්‍යාප්ත කිරීමේ කේන්ද්‍රයක් නොකළ යුතු බව අවධාරණය කරමින් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත්කර ඇත.

අද (31) නිකුත්කර ඇති එම නිවේදනයේ පෙන්වා දී ඇත්තේ ඊයේ (30) දිනය තුළ පමණක් ලොරි රථ 1200ක්, මිනිසුන් 3000කට අධික ප්‍රමාණයක් සහ ත්‍රීරෝද රථ මෙන්ම අඅනිකුත් වාහන රැසක් පැමිණ ඇති අතර එය  අවධානම් සහගත බවය.

එබැවින් ගොවීන් සහ වෙළෙන්දන් වෙත  කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවධානමක් ඇති බැවින් ඔවුන්ගේ ආරක්ෂාව ගැන රජයේ අවධානය යොමුකර වීමටත් එම නිවේදනය කටයුතු කර ඇත.
එසේම මෙවැනි තත්ත්වයක් මතුව ඇත්තේ කළමනාකරණය දුර්වල නිසා බව පවසන එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
Screenshot 20200331 192911