Ad

නාමල් අමතා තහනම් ප්‍රදේශයක් වූ අටුලුගමට ගිය තෙවරප්පෙරුම



ආහාර ද්‍රව්‍ය රැගෙන වසාදාමා ඇති අටුලුගම ප්‍රදේශයට ඇතුළුවීමට ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තෙවරප්පෙරුම මහතාට එහි මාර්ග බාධයක අසලට යාමට ඉඩ නොලැබීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අමතා ඒ සඳහා අවස්ථාව සලසා ගත පුවතක් ඊයේ (31) වාර්තා වුනා 

කොවිඩ්-19 ආසාදිත පුද්ගලයකු හමුවීමත් සමඟ මිට දින 5කට පෙර බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් බවට පත්කළා.ඒ අනුව මේ කාලය තුලදී කිසිම පුද්ගලයකුට එම ප්‍රදේශයට ඇතුළුවීමට හෝ පිටවීමට අවසර ලබාදීමක් සිදු කරනු නොලබයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා එම ප්‍රදේශ වල ජනතාවට ආහාර ද්‍රව්‍ය රැගෙන ඊයේ (31) සවස් කාලයේ ආරක්ෂක මාර්ග බාධකය වෙත යාමට උත්සහ කිරීමේදී එහි තරමක් උණුසුම් තත්වයක් ඇති වුනා.

ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු රැගෙන ආ අහාර ද්‍රව්‍ය රැගෙන අටුලුගම ප්‍රදේශයට ඇතුළුවීමට ඉඩ ලබාදීම වැලක්වීමත් සමඟ ඔහු ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අමතා ඒ සඳහා අවසරය ලබා දීමට කටයුතු යොදන ලෙස දැනුම් දුන්නා.

ඉන් අනතුරුව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් සකච්ඡා කිරීමෙන් අනතුරුව ඔහුට මාර්ග බාධකය වෙත යාමට ඉඩ ලබාදුන් අතර එහිදී රැගෙන ආ ආහාර ද්‍රව්‍ය අටුලුගම ප්‍රදේශයෙන් පැමිණි ලොරි රථවල එම ප්‍රදේශයට යැවීමට කටයුතු කළේය.

ඉන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විෂබීජහරණය ලක්කිරීමටද සිදු විය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.