Ad

දිල්ලියේ නිසාමුදින් හි ආගමික උත්සවයක් නිසා ඉන්දියාව පුරා කොරෝනා ව්‍යාප්ත වේ.



මාර්තු මස මුලදී දිල්ලියේ නිසාමුදීන් ප්‍රදේශයේ පැවති දැවැන්ත ආගමික රැස්වීමකට සහභාගී වූවන් සොයා ඉන්දීය බලධාරීන් ඊයේ (31) රට පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට ආරම්භ කළහ.

එහි සිටි දහස් ගණනක් දෙනා මාරාන්තික කොරෝනා වයිරස් වසංගතයේ නව කේන්ද්‍රස්ථානය බවට රට පත්කර ඇති බවට ඔවුන් විශ්වාස පළකරයි.

සුප්‍රසිද්ධ දර්ගාහි නිජබිමක් වන නිසාමුදින් හි මාර්තු මස මැද භාගයේ පැවති තබ්ලිගි ජමාත් නමැති ඉස්ලාම් ආගමික උත්සවයක් සඳහා තෙලන්ගානා, බටහිර බෙංගාලය, කර්ණාටක සහ ගුජරාට් ඇතුළු සෑම ප්‍රාන්තයකින්ම පාහේ සහභාගී වූ දහස් ගණනක් දෙනා සිය නිවෙස් කරා ආපසු ගොස් ඇති බව දවාර්තා වේ.
මෙම ප්‍රාන්ත බොහොමයකින් මේවන විට කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වී ඇත. දිල්ලි, මහාරාෂ්ට්‍ර, කේරළ, උත්තර් ප්‍රදේශ්, තමිල්නාඩු, ගුජරාට්, ජම්මු හා කාශ්මීරය සහ බිහාර් යන ප්‍රාන්ත වලින් ඊයේ (31) වන විට නව ආසාදිතයින් වාර්තා වී තිබේ.

ජාතික අගනුවර පමණක්, වාර්තා වූ රෝගීන්ගෙන් අවම වශයෙන් 24 දෙනෙකු තබ්ලිගි ජමාත් ආගමික උත්සවයට සහභාගී වූ ය බව පරීක්‍ෂණ මඟින් තහවුරු වී ඇති බව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් මහතා පැවසීය. වසංගතය හේතුවෙන් වෙනත් රටවල දහස් ගණනක් මියගොස් ඇති අවස්ථාවක එවැනි උත්සවයක් පැවැත්වීමට කටයුතු කිරීම වගකීම් විරහිත බව ඔහු පැවසීය.

මේ තත්වයන් මත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී විසින් මුළු ඉන්දියාවම දින 21ක් අකර්මන්‍ය කිරීමට තීරණය කර ඇත්තේ රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාය.
එය නොසලකා මහ මාර්ග වල ගමන් ගන්නා පුද්ගලයින්ට ඉන්දියාවේ පොලීසිය මඟින් දැඩි ලෙස පහර දෙන සිද්ධීන් සමාජ මාධ්‍ය ජාල වල මේ වන විට හුවමාරු වෙමින් පවතී.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.