Ad

පාස්කු ප්‍රහාරයෙන් දිවි පිදූ සහ තුවාල ලැබූ ජනතාව සිහිපත් කරමින් පහනක් දල්වන්න



පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි පිදූ සහ තුවාල ලැබූ ජනතාව සිහිපත් කරමින් අද උදෑසන 8.40ට සෑම කතෝලික නිවසකම පහනක් දල්වන ලෙස සහ සියලු කතෝලික දේවස්ථානවල ඝන්ඨාරය නාද කරන ලෙස අගරදගුරු හිමිපාණන් පසුගියදා ඉල්ලීමක් සිදුකළේය.

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් බෞද්ධ සම්ප්‍රදායානුකූලව වත් පිළිවෙත්වල නිරත වන ලෙස මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් ඊයේ බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටියාය.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ පස්වරුවේ ප්‍රකාශයක් සිදුකරමින් ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සියලුදෙනා තම තමන්ගේ ආගමානුකූලව සිහිපත් කරන ලෙස තමා සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.