Ad

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් ආදරණීයයන් අහිමි වූ ජූඩ්ලාගේ කතාව.



2019 අප්‍රේල් මස 21 වැනි ඉරුදින වෙනදා මෙන්ම හිරු නැග ආවත් කතෝලික ජනතාවට එය ඉතා වැදගත් දිනයක් විය.

ඒ අන් කවරක් නිසාවත් නොව 2019 වසරට නියමිත පාස්කු ඉරුදින එදිනට යෙදී තිබුනු බැවින්ය.මීගමුවේ කටුවාපිටිය දේවස්ථානයට පාස්කු ඉරුදින දේව මෙහෙය සඳහා බොහොමයක් කිතුනුවන් එදින සතුටු සිතින් පැමිණියේ දින 40ක මනස්ථාපන කාලයකට පසුව ජේසු ස්වාමිදරුවන්ගේ උත්ථානය මහත් හරසරින් සැමරීමටය.

ඒ අතර ජේසු ස්වාමි දරුවන්ගේ උත්ථාන සුරුවම දිව්‍ය පුජා යාගයෙන් පසුව කටුවාපිටිය ග්‍රාමය වටා ගෙනයාමේ වගකීම පැවරී තිබූ ජූඩ් ප්‍රසාද් මහතා සහ ඔහුගේ පවුලේ සියලු දෙනාද සිටියහ.

අවසනාවන්ත ලෙස දිව්‍ය පූජා යාගයේ ස්තූති කතාව පවත්වනාවත් සමඟම විශාල පිපුරුම් හඩක් ඇසුණි.
ඒ පිපුරුම් හඩ ජූඩ් ප්‍රසාද්ගේ පවුලේ සාමාජිකයින් හත් දෙනෙකු පමණක් නොව කටුවාපිටිය ග්‍රාමයේ තවත් ජිවිත 115කට අධික ගණනක් බිලිගෙන තිබුණි.

ජූඩ්ගේ සහෝදරයා, නැගෙණිය මෙන්ම ඔවුන්ගේ දරුවන් පස් දෙනෙකුම මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරුව ජීවිතක්ෂයට පත්විය.

අදටත් සිය සමීපතමයින්ගේ මතක පමණක් ඉතිරි කරගෙන සිටින ජූඩ් ලා බොහොමයක් කටුවාපිටිය ග්‍රාමයේ ඇත.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.