‘මාරයාගේ මැතිවරණයට මැතිවරණ කොමසාරිස් බෙල්ල තියන්න යන්න එපා’ – හරීන්
කොවිඩ් – 19 වසංගතය අවසන් කළහොත් මේ ආණ්ඩුවට ඡන්දය පහසුවෙන් ජයග්‍රහණය කල හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
මේ මොහොතේ විපක්ෂය ලෙස කොරෝනා වසංගතය හා රටේ ඇති ප්‍රශ්න දඩමීමා කරගනිමින් ඡන්දයකට මුහුණ දීමට විපක්ෂයට හැකියාව ඇතත් මේ මොහොතේ වැදගත් වන්නේ ඡන්දය නොව මහජනතාවගේ ආරක්ෂාව බව ඒ මහතා පවසයි.
සමහර, ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් දකුණු කොරියාවේ ඡන්දය පැවැත්වූ ආකාරය ගැන සඳහන් කිරීම විහිළුවක් බවයි ඒ මහතා සඳහන් කරන්නේ එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ දකුණු කොරියාවේ 26% – 30% අතර ජනතාවක් ඡන්දය භාවිතා කර ඇත්තේ නිවසේ සිට බවයි.
මැතිවරණ කොමසාරිස් තමන්ට කිසිවකු අදහස් දීම අනවශ්‍ය බව පැවසුවත් අප ප්‍රකාශ කරන්නේ අපගේ අදහස් නොව ජනතාවගේ අදහස් බව ඒ මහතා පැවසීය.
“මාරයාගේ මැතිවරණයට මැතිවරණ කොමසාරිස් බෙල්ල තියන්න යන්න එපා” ලෙස හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
රටේ පවතින තත්වය හමුවේ කිසිම ආකාරයකින් ඡන්දයක් පැවැත්වීමට නොහැකි හෙයින් මැතිවරණ කොමිසමේ සභාපති මහජනතාව සහ නිලධාරීන් ගැන සිතිය යුතු බව ඔහු අවධාරණය කළේය.
රජයට සහය දීමට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින ජාතික සමගි ජන බලවේගය සුදානම් බවත් අවශ්‍යනම් ලිඛිතව ලබා දීමට එය ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ එකඟතාව පළකළ බවත් මෙහිදී ඔහු පැවසීය.
No comments: