Ad

ඉන්දියාවේ කොටු වී සිටින සිසුන් රැගෙන ඒමට තවත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක්..


ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, එරට අතරමං වී සිටින , තවත් ශ්‍රී ලාංකික සිසුන් 166 ක පිරිසක් මෙරටට රැගෙන ඒම සදහා 4/25 දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය .
මෙම සිසුන් ඉන්දියාවේ උසස් අධ්‍යාපන කටයුතු සදහා එරටට ගොස් තිබූ අතර, කොවිඩ් – 19 වසංගත රෝගය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමග ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාව තුළ කොටු වී තිබේ.
ඔවුන් මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානය 4/25 දින උදෑසන 9.10 ඉන්දියාවේ මුම්බායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
මෙම ගුවන් යානය දහවල් 11.30 ට ඉන්දියාවේ මුම්බායි වෙත ළගා වීමට නියමිතය .
මෙම ගුවන් යානය තුළ ඉන්දියාව වෙත රැගෙන යන භාණ්ඩ තොගයක් ද තිබූ අතර , මෙම ගුවන් යානයෙහි ගුවන් නියමුවන් දෙදෙනා සමගින් කාර්යය මණ්ඩලය හැර වෙනත් කිසිදු ගුවන් මගියෙකු නොවීය .
මෙම ගුවන් යානය 4/25 දින දහවල් 2.55 ට මෙම සිසුන් පිරිස රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය.
(කටුනායක ටී.කේ.ජී.කපිල)

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.