තර කළ ආරක්ෂාව බලන්න හර්ෂයි-එරානුයි පාර්ලිමේන්තුවට යයි: ලියුමකුත් ලියයි..
පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.
එහිදී තමන්ට සාමාන්‍ය පොලිස් ආරක්ෂාවට අමතරව සන්නද්ධ හමුදා ආරක්ෂාවද පාර්ලිමේන්තුවට යොදා තිබූ බව නිරීක්ෂණය කළ හැකි වූ බව එම මන්ත්‍රීවරු පවසති.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් යොමු කර ඇති එම මන්ත්‍රීවරුන් දෙපොළ මෙසේ පාර්ලිමේන්තුවට සන්නද්ධ හමුදා ආරක්ෂාව යොදා ඇත්තේ කුමන හේතුවක් මතද, ආරක්ෂක තත්ත්වය පිළිබද තක්සේරුවකින් පසු මෙසේ කළාද, ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට තර්ජනයක් තිබේද යන්න සිය ලිපිය මගින් විමසා තිබේ.
හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තු මහලේකම්වරයාට යොමු කර තිබූ ලිපිය මෙසේය.
No comments: