Ad

ජූනි 20 මහ මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිතයි – හිටපු අග්‍රාමාත්‍ය


කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකාව තුළ පවතින සංඛ්‍යාලේඛන දෙස බැලීමේදි ජුනි මස 20වන දින මහ මැතිවරණය පැවැත්වීමේ හැකියාව අවිනිශ්චිත බවත් ඒ පිළිබඳව තීරණයක් ගත යුත්තේ වෛද්‍ය විශේෂඥයින් බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන්දියාවේ “හින්දු පුවත්පත” සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මැතිවරණ කොමිසම මහ මැතිවරණය ජූනි මස 20වැනිදා පැවැත්වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
කුසගින්නේ සිටින ජනතාවක් ඡන්දය භාවිතා කිරීමට යාමට ඉඩක් නොමැති හෙයින් ප්‍රථමයෙන් රටේ ආර්ථික ක්‍රියාවලිය යළි ආරම්භ කර ජනතාවගේ ජීවන තත්වය යථා තත්වයට පත් කිරීමෙන් අනතුරුව ඡන්දය විමසීම සිදුකළ හැකි බව ඒ මහතා පවසයි.
රටේ පවතින තත්වය හමුවේ දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදුකිරීම අත්‍යවශ්‍ය බවත් අවමය 3000කින් හෝ ආරම්භ කර පසුව එය දෙගුණය දක්වා වැඩි කිරීමට කටයුතු කළයුතු බවට මෙහිදී ඔහු පවසා තිබේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.