Ad

මියගිය දේහ බහාලීමේ උර ගෙන්වීම පිළිබඳ පැහැදිලි කිරීමක්



කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ දේහ බහාලීමේ උර තොගයක් ගෙන්වීම සම්බන්ධයෙන් පළ වන වාර්තාවක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද උදැසන පෞද්ගලික නාලිකාවක් කළ විමසීමකදී අදහස් දක්වා සිටියා.

පුද්ගලයින්ගේ දේහ බහාලීමේ උර යනු කොවිඩ්-19 රෝගය සඳහාම නිර්මාණය වු දෙයක් නොව ජාත්‍යාන්තර වශයෙන් මෙය බොහෝ කාලයක සිට පවතින බවත් ඒ මහතා කියා සිටියි.

උදාහරණයක් ලෙස ආපදා අවස්ථාවල දී මෙම පුද්ගලයින්ගේ දේහ බහාලීමේ උර නැතිනම් බොඩි බෑග් භාවිත කරන බවත් අවාසනාවන්ත සිදුවීමක් වන පසුගිය පාස්කු ඉරුදින ප්‍රහාරයේ දී මළ සිරුරු බහාලීමට ද මෙම උර භාවිත කළ බවත් ඒ මහතා පැහැදිලි කර සිටියේය.

එනිසා ඕනෑම අවස්ථාවක් සඳහා සූදානම අවශ්‍ය බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශ සතුව එම ගබඩා මට්ටම් පවත්වාගෙන යා යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

මරණ ඇතිවීම වැළැක්වීමට පමණක් නොව රෝග ඇතිවීම වැළැක්වීමටත් ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විශාල මෙහෙවරක් සිදු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කර සිටියේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් නිවේදනයක්ද මේ වනවිට නිකුත් කර තිබෙනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.