Ad

පාර්ලිමේන්තුව කැඳවන්න : අපි වැටුප් නොගෙන වැඩ කරමු – පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක්



විපක්ෂයේ ප්‍රධාන පක්ෂ කිහිපයක් එක්ව අද (27) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, රාවුෆ් හකීම් සහ ආර්. සම්බන්ධන් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුවයි මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර ඇත්තේ.

මෙමගින් ඔවුන් රජයට අවධාරණය කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ ලෝකයේ සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද නොසිතූ විරූ අභියෝගයන්ට ලක්ව තිබෙන බවයි.

ඉදිරි සති කිහිපය තුළ කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි වුවහොත් ලංකාව තුළ සෞඛ්‍ය අර්බුධයට අමතරව ආර්ථික, සමාජීය සහ දේශපාලන ක්ෂේත්‍රවල අර්බුධ ඇතිවිය හැකි අතර මැතිවරණය පැවැත්විම සඳහා දැනට නියම කරගෙන ඇති ජුනි 20 වනදා එය පැවැත්විය හැකිද යන්න පිළිබඳ ගැටළුවක් ද මතුවන බවයි එම නිවේදනය මගින් ඔවුන් දක්වා ඇත්තේ. 

එබැවින් මාර්තු මස 02වනදා විසුරුවාහළ පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙසත්, එමගින් දැනට මතුවී ඇති අර්බුධයන්හී ගැටළු යම් තරමකට විසඳා ගත හැකි බවත් ඔවුන් සිය ඒකාබද්ධ ප්‍රකාශය මගින් සඳහන් කරනවා.

එසේ පාර්ලිමේන්තුව යලි කැඳවුවහොත් ආණ්ඩුවට සහාය දීම සඳහා කැපවී සිටින බවත්, වැටුප් ලබා ගැනීමකින් තොරව සිය සේවය ලබා දීමට සූදානම් බවත්, ආණ්ඩුව ගනු ලබන අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමකින් තොරව සහාය දෙනබවත් ඔවුන් සිය ප්‍රකාශය මගින් සහතික කර තිබෙනවා.

එබැවින් මේ අවස්ථාවේ තමන් සද්භාවයෙන් ඉල්ලා සිටින “වගකීමෙන් සහයෝගය දීමේ ” යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් දක්වා පැවති පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙසත් පවතින අර්බුධ අවසන් වීමෙන් පසු සුදුසු වේලාවක පාර්ලිමේන්තුව යලි විසුරුවා හරින ලෙසත් විපක්ෂයේ නායකවරුන් සිය ඒකාබද්ධ ප්‍රකාශය තුළින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

1 comment:

Deepal Edirisinghe said...

Yes for those robbers should NOT be paid even a single cent from tax payers hard earned money.
Robbers must have enough money for several generations.

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.