Ad

අරලිය ගහ මැදුරේ විශේෂ පරීක්ෂාවක්



අරලියගහ මන්දිර පරිශ්‍රයේ පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන අත්‍යාවශ්‍ය සේවා ජනාධිපති කාර්යසාධක බළකාය සහ ආර්ථික පුනර්ජනනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ මෙහෙයුම් මධ්‍යස්ථානවල කාර්යමණ්ඩලය කොඩිඞ් -19 පරීක්ෂණයට ලක්කෙරේ.

මෙම කාර්ය සාධක බළකායන්හි කාර්යමණ්ඩලය ජනතාවට සහන සැලසීම වෙනුවෙන් දිවයින පුරා මෙහෙයුම් සම්බන්ධීකරණය සිදුකිරීම සඳහා අඛණ්ඩව සේවයේ නියුතු වන බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයක් යොමු කෙරෙන අතර වරින්වර කොවිඞ් -19 පරීක්ෂණය සඳහාද යොමු කරනු ලැබේ.

මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් එම කාර්යමණ්ඩලයේ කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

නිරන්තරයෙන් සිදු කෙරෙන සෞඛ්‍ය පරීක්ෂණ යටතේ අත්‍යාවශ්‍ය සේවා ජනාධිපති කාර්යසාධක බලකාය සහ ආර්ථික පුනර්ජනනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය, වත්මන් කොරෝනා වසංගතය හමුවේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණදී සිටින ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සැළසීමට ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කරමින් සිටී.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.