සහල් වලට උපරිම සිල්ලර මිලක්!
සහල් අලෙවියට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කීරි සම්බා කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 125ක්.
සුදු සහ රතු සම්බා මෙන්ම තම්බන ලද සූදුරු සම්බා හැර සම්බා කිලෝවක් අලෙවි කළ යුතු මිල රුපියල් 90ක් බවයි එම අධිකාරිය කියාසිටියේ.
සුදු සහ රතු කැකුලු සම්බා කිලෝවක් ද රුපියල් 90කට අලෙවි කළ යුතු වනවා.සුදු සහ රතු කැකුළු සහල් අලෙවි කළ යුතු උපරිම මිල රුපියල් 85ක්.
මෙම මිල ගණන්වලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම වෙළඳාම් කිරීම සඳහා
ඉදිරිපත් කිරීම මෙන්ම වෙළඳාම සඳහා ප්රදර්ශණය කිරීම නොකළ යුතු බවයි
පාරිභෝගික සේවා අධිකාරිය අවධාරණය කළේ. මෙම නියෝග අද සිට බලපැවැත්වෙන බව ද
ඔවුන් සඳහන් කළා
No comments: