Ad

අලියාන්ස් ලයිෆ් රක්ෂණාවරණ නොමිලේ ලබාදෙයි.



COVID-19  හෙවත්  නව කොරෝනා වෛරසය හේතුවෙන්  රට තුළ උද්ගතව ඇති තත්වය සහ එහි ස්වභාවය අවබෝධ කර ගනිමින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සිය සේවාවන් තව තවත් ඉහළ නැංවීමට අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස්  ලංකා ලිමිටඞ් කටයුතු කර ඇත. COVID-19  හි බලපෑම හේතුවෙන් අපහසුතාවයට ලක්වන සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තව දුරටත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ සඳහා අතිරේක ආවරණ මාලාවක් ඉදිරිපත් කිරීමට අලියාන්ස් ලයිෆ් මෙහිදී ඉදිරිපත්ව ඇත.

එහිදී දැනට අලියාන්ස්  ලයිෆ්  සමඟ කටයුතු කරන රක්ෂණ  ඔප්පු හිමියන්ට මෙන්ම නව රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන්ද  COVID-19  හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වුවහොත් රුපියල් 500ල000 ක ජීවිත ආවරණයක් සහ අවමංගල වියදම් වෙනුවෙන්  රුපියල්  50000 ක අතිරේක ආවරණයක්  ද ලබා දීමට අලියාන්ස් ලයිෆ්  කටයුතු කරනු ලබයි.

ඊට අමතරව සිය රක්ෂණ ඔප්පු හිමියන් COVID-19  වෙතින් වඩා හොඳින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රෝහල් ගත කිරීම් වියදම් ප්‍රතිපූර්ණය කිරීම ඇතුලු ප්‍රතිලාභ රැසක් හිමිකර දීමටද අලියාන්ස් ලයිෆ්  කටයුතු කර ඇත. රෝහල් මුදල් ප්‍රතිලාභ වලට අමතරව අසාධ්‍ය රෝගාබාධ හා ආබාධිත රක්ෂණාවරණයක් ද ඊට ඇතුළත් වේ.

එමෙන්ම මෙවන් අවස්ථාවක මුදල් පරිහරණය නුසුදුසු වන බැවින් රක්ෂණ ඔප්පු සඳහා වන ගෙවීම්  eZ cash, genie ගෙවීම් mcash හරහා සිදු කිරීමටද, අලියාන්ස් හි නිල වෙබ් අඩවිය භාවිතා කිරීමට ද අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි. ඒ තුළින් මෙවැනි මොහොතක ඔබගේ ඔප්පු සහ ප්‍රතිලාභයන් සක්‍රීයව පවත්වා ගැනීමේ වැදගත්කම අලියාන්ස් අවධාරණය කොට සිටියි.

මෙම සියලු ප්‍රතිලාභයන් 2020 ජූනි 30 වනදා දක්වා වලංගු  වේ. 

මේ පිළිබඳ වැඩිදුර විස්තර පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා කාලය තුළ +94 11 2317988 /+94 11 2317989 යන  අංකයන්ට ඇමතීමෙන් හෝ customerservicelife@allianz.lk විද්්‍යුත් තැපෑල තුළින් දැන ගත හැකිය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.