පෙරේදා හමුවූ රෝගීන් 13න් 11ක්ම නිවාඩු ගොස් පැමිණි නාවික හමුදා සෙබළුන් - හමුදාපති.
පෙරේදා (03) දිනයේ වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිතයි 13 දෙනා අතරින් 11 දෙනෙකුම වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ගොස් සිට යළි පැමිණි සෙබළුන් බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
"ඊයේ දවසට ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වුණා. ඒ 13 දෙනාගෙන් 11 දෙනෙක්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ අපගේ වීරෝදාර රණවිරුවන්. ඔවුන් වැලිසර කඳවුරේ රාජකාරි කරන අයවලුන්. ඇත්තටම එහි වැදගත්කම ඔවුන් නිවාඩු ගොස් සිටි අයවලුන් වහාම කඳවුරට කැඳවුවයින් පස්සෙ සොයාගත් අයවලුන්. ඒ ආකාරයෙන් 11 දෙනෙකු වාර්තා වෙනවා නාවික හමුදා වැලිසර කඳවුර තුළින්.
තවත් එක් පුද්ගලයෙක් වාර්තා වෙනවා නාවික හමුදාවේ නිවාඩු ගිය අයගේ පවුල්වලින් නිරෝධායනයට ලක් කළ අය අතරින්. තවත් එක් පුද්ගලයෙක් කෙරවළපිටිය ප්‍රදේශයෙන් හමුවුණා, ඒ පුද්ගලයාත් නාවික හමුදාවේ රණවිරුවන් ඇසුරු කිරීම නිසා නිරෝධායනයට ලක් කර සිටි අයෙක්. ඔහුගේ ආයතනය විසින් ඔහුව නිරෝධායනයට යවලා තිබුණේ. ඒ විදියට තමයි ඊයේ ආසාදිතයින් 13 දෙනා හමුවෙන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
1 comment:
t